තවත් පිරිසකට දෙන දීමනාවක් ගැන රජයෙන් විශේෂ තීරණයක් ගනී.- චක්‍රලේඛයකයකුත් නිකුත් කෙරේ.

Mahinda Amaraweera Government Of Sri Lanka Ministry of Agriculture
By Wayomi Jun 28, 2024 06:44 AM GMT
Wayomi

Wayomi

Report

වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්න ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දී තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බවයි.

එමෙන්ම මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම ලබා දී ඇති නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුණ බවට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.