රත්‍රං මිලේ හදිසි වෙනසක් - ආයෙත් මිල ගණන් ඉහළ නගී[UPDATE]
ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම වෙළෙඳපොළ දත්ත වාර්තා කරන බව සඳහන්.
ඒ අනුව අද (21) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 366,300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම ඊයේ (20) දිනයේ දී එය රු. 362,600ක් වශයෙන් දැක්වු බව වාර්තා වේ.
මේ අතර සිකුරාදා රු. 392,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 396,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

