ලංකාවට සතුටු හිතෙන ආරංචියක් - ඇඳුම්වලින් ලොකු ලාභයක්

Report

2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ආදායම ඉහළ ගොස් ඇත.

ඒ අනුව සමස්තයක් ලෙස දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා ඩොලර් මිලියන 23.03 කින් වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා.

එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයෙන් ලැබුණු ඉල්ලුමේ වැඩිවීම බව සඳහන්.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව අඳාළ ඉල්ලුම වැඩිවීමත් සමඟ දෙසැම්බර් මාසයේ දී ඉහළ ලාභක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව ඇති බව පෙන්වා දී ඇත.

මේ අයට සුබ ආරංචියක් - පෙබරවාරි මාසේ ඉඳන් රක්ෂණාවරණ

මේ අයට සුබ ආරංචියක් - පෙබරවාරි මාසේ ඉඳන් රක්ෂණාවරණ

ඉකුත් 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසය තුළ අමෙරිකාවට සිදුකළ අපනයන 6.49% කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 178.29 ක් බව වාර්තා වේ.

එසේම යුරෝපා සංගමයට කළ නැව්ගත කිරීම් 6.76% කින් වර්ධනය වී ඇති අතර එය ඩොලර් මිලියන 141 ක් බවත්, එක්සත් රාජධානියට කළ අපනයන 12.95% කින් ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 55.12 ක ආදායමක් බවත් සඳහන්.

දිවයින පුරා සිටින මේ පාසල් ළමුන්ට විශේෂයි - අද සිට

දිවයින පුරා සිටින මේ පාසල් ළමුන්ට විශේෂයි - අද සිට

කෙසේ වුවද සෙසු රටවලට සිදුකළ අපනයන 4.06% කින් පහළ ගොස් තිබෙන අතර එය ඩොලර් මිලියන 72.8 ක් බව පවසයි.

එබැවින් 2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා සම්පූර්ණ වසර කාලය වෙනුවෙන්, මුළු ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය ඩොලර් බිලියන 5.02 ක් වූ අතර එය 2024 දී ඩොලර් බිලියන 4.76ක් බව සඳහන්.

එමෙන්ම සමස්තයක් ලෙස 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 5.42% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඩොලර් මිලියන 258.18 ක වැඩිවීමක් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කුරුණෑගල හිතූ හිතූ තැන්වල ආයේ මේවා කරන්න බෑ

කුරුණෑගල හිතූ හිතූ තැන්වල ආයේ මේවා කරන්න බෑ