ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් අද ලැබුණු නියෝගය..!

Srilanka Freedom Party Maithripala Sirisena Nimal Siripala De Silva Thilanga Sumathipala
By Sewvandhi Aug 06, 2024 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අභියාචනාධිකරණය විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණයට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම අද(6) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එහිදී විරෝධතා තිබේනම් ඒවා සැප්තැම්බර් මස 06 වනදා ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකාර තිලංග සුමතිපාල මහතාට නියෝග කර ඇත.

 පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල මහතා කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට ඒ මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි, පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටින්නේ.

අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එය සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බවත් සඳහන් කළේය.

ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මතවූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි. එමෙන්ම තමන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සල්ලිකාරයෙකුට පොහොට්ටුව විකුණලා..පොහොට්ටුව දෙකඩ වීමට හේතුව එළියට එයි..

සල්ලිකාරයෙකුට පොහොට්ටුව විකුණලා..පොහොට්ටුව දෙකඩ වීමට හේතුව එළියට එයි..

ReeCha