හැමෝටම සෙල්ලමක් පෙන්වයිද..අතෙන්ද..පුටුවෙන්ද..මැතිවරණයට කරළියට එන නිදහස් පක්ෂය..

Srilanka Freedom Party Maithripala Sirisena Local government Election Latest Headlines
By Sewvandhi Jan 25, 2025 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බව පක්ෂ සංවිධායකවරු දැඩි මතයක පසුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂය මේ වන විට කොටස් කිහිපකට බෙදී පවතී.

මෙම තත්ත්වය තුළ එක් පාර්ශ්වයක් පුටුව ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කළ යුතු බව පවසන අතර තවත් පාර්ශ්වයක් අත ලකුණින් තරග කළ යුතු බවට පවසා ඇත.

එහෙත් බොහෝ පක්ෂ සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල භාවට පත්කර අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

අත ලකුණ යටතේ තරග කළ යුතු බවට මීට වසර කිහිපයකට පෙරම පක්ෂ සංවිධායකවරු සඳහන් කළද පක්ෂ නායකත්වට සහ පත්වූ ලේකම්වරුන්ගේ විවිධ මත අනුව එම කටයුතු ක්‍රියාත්ම නොවීය.

එහෙත් සංවිධායකවරුන් අවධාරණය කර ඇත්තේ, ඉදිරියේදී නිදහස් පක්ෂය යළි බලයක් ලබා ගනිමින් දේශපාලන ධාරාවේ සක්‍රීයව කටයුතු කිරීමට නම් අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

………………………………………………………………

You may like this video 👇



ReeCha