අස්වැසුම ගැන තිත්ත ඇත්ත එළියට මෙහෙමත් මිනිස්සු
අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමය සඳහා අයදුම් කර ඇති අය සම්බන්ධයෙන් නවතම තොරතුරක් නිකුත් වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52 ක් වන අතර, අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමය සඳහා පවුල් ලක්ෂ 43 ක් අයදුම් කර ඇති බව වාර්තා වේ.
අමාත්‍ය උපාලි පන්නල මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ 2024 දී ජනගහන හා නිවාස දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, රට තුළ පවුල් ලක්ෂ 52 ක් ජීවත් වන බවත් අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමය සඳහා පවුල් ලක්ෂ 43 ක් අයදුම් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව ආධාර ලබා ගැනීමේ මානසිකත්වයකින් ජීවත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට පමණක් නොව ජනතාවගේ මානසික සෞඛ්‍යයට ද බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.
දේශපාලනයේ පවතින සංස්කෘතියක් ද මේ ආකාරයෙන් ආධාර ලබා ගැනීමේ තත්ත්වයකට ජනතාව තල්ලු කිරීමට හේතුවක් බව ඔහු පැවසීය.
ජනතාව සහ දේශපාලකයන් විසින් නිර්මාණය කරන ලද මෙම තත්ත්වයට විසඳුමක් නොලැබුනහොත්, එය ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමේදී විශාල අර්බුද ඇති කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.