තරුණයන් කසාද මඟහරින්නේ ඇයි? උපත් සංඛ්‍යාව මෑත ඉතිහාසයේ අවම මට්ටමට වැටුණු හේතුව මෙන්න

Report

පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාවේ සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබෙන අතර, ඒ සමඟම සජීවී උපත් සංඛ්‍යාවද අඛණ්ඩව අඩුවෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත පෙන්වා දෙයි.

දත්ත අනුව, 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ විවාහ සංඛ්‍යාව 200,985ක් වූ අතර, 2025 වසර වන විට එය 144,182ක් දක්වා පහත වැටී ඇත. ඒ අනුව වසර 15ක කාලයක් තුළ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 28%කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී තිබේ.

2020 වසරට පෙර කාලය තුළ වාර්ෂිකව විවාහ ලියාපදිංචි කිරීම් 170,000 ඉක්මවා පැවති අවස්ථා බහුලව දක්නට ලැබුණද, COVID-19 වසංගතය හේතුවෙන් 2020 වසරේදී එම සංඛ්‍යාව තියුණු ලෙස පහත වැටී 143,808ක් දක්වා අඩු විය.

පළමු ශ්‍රේණියේ අයදුම්පත් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්

පළමු ශ්‍රේණියේ අයදුම්පත් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්

කෙසේ වෙතත්, වසංගත තත්ත්වයෙන් පසු විවාහ ලියාපදිංචි කිරීම් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වූ අතර, 2021 වසරේදී 162,628ක් සහ 2022 වසරේදී 171,140ක් ලෙස වාර්තා විය. එහෙත් එම වර්ධනය දිගුකාලීනව පවත්වා ගැනීමට නොහැකි වූ අතර, 2023 වසරේදී විවාහ සංඛ්‍යාව 151,356ක් දක්වාත්, 2024 වසරේදී 139,290ක් දක්වාත් පහත වැටුණි.

2025 වසරේදී එය 144,182ක් දක්වා සුළු වැඩිවීමක් පෙන්නුම් කළද, පෙර වසරවලට සාපේක්ෂව එය තවමත් අඩු මට්ටමක පවතී. මේ අතර, ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාවද මෑත වසරවලදී අඛණ්ඩ පහත වැටීමක් පෙන්නුම් කරයි.

2019 වසරේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව 319,108ක් වූ අතර, 2025 වසර වන විට එය 214,570ක් දක්වා පහත වැටී ඇත. එය වසර හයක කාලයක් තුළ උපත් 100,000කට වැඩි අඩුවීමකි.

උපත් ලියාපදිංචි කිරීම් 2020 වසරේදී 301,712ක් ලෙස වාර්තා වූ අතර, 2021 වසරේදී එය 284,848ක් දක්වාත්, 2022 වසරේදී 275,321ක් දක්වාත්, 2023 වසරේදී 247,900ක් දක්වාත්, 2024 වසරේදී 220,761ක් දක්වාත් අඛණ්ඩව පහත වැටී ඇත.

2025 වසරේදී එය මෑත කාලයේ වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබේ. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මරණ සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව දත්ත පෙන්වා දෙයි.

2001 වසරේදී ලියාපදිංචි මරණ සංඛ්‍යාව 112,858ක් වූ අතර, 2025 වසර වන විට එය 172,603ක් දක්වා ඉහළ ගොස් ඇත. මෑත වසරවලදී මරණ ලියාපදිංචි කිරීම් 2020 වසරේදී 162,371ක්, 2021 වසරේදී 163,990ක්, 2022 වසරේදී 179,792ක්, 2023 වසරේදී 181,239ක් සහ 2024 වසරේදී 171,194ක් ලෙස වාර්තා වී ඇත.

බස් අනතුරුවලට තිත තියන්න යන වැඩේ - සැප්තැම්බර් සිට පාරට බහින අලුත් නිලධාරීන් මෙන්න

බස් අනතුරුවලට තිත තියන්න යන වැඩේ - සැප්තැම්බර් සිට පාරට බහින අලුත් නිලධාරීන් මෙන්න


මෙම සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව ජනගහන වර්ධනය, විවාහ රටාවන් සහ උපත් ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින බව පෙනී යයි.

Gallery