ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න
අපි ජීවිතේ එකිනෙකාගෙන් වෙනස් පුද්ගල ස්වරූපය ගත්තත් ,එකිනෙකගේ කතා කරන ආකරය ගත්තත් හැසිරීම් රටාව ගත්තත් වෙනස් .මොකද අපි හමෝම එකම විදිහෙ වුණාම ලෝකය විවිධාකර වෙන්නෙ නෑනෙ.විෂම වෙන්නෙත් නෑ එත්කොට මේ ලෝකෙ මේ තරම් සුන්දර නෑ . මේ ලෝකෙ මේ තරම් සුන්දර ලස්සන ලෝකයක් වෙන්නෙ අපි එකිගනෙකාගෙන් වෙනස් මනුෂ්‍යය න් වීම නිසයි, ඉතිං මුලින්ම තමන් තමන්ව අවබෝධ කරගත යුතුයි. තමන් කැමති මොනවටද?තමන්ගේ රුචි අරුචිකම් මොනවාද මේ සියල්ල අවබෝධ කරගන්න ඕනේ .එවිට තමන්ව අවබෝධ කරගන ඉදිරියට යාමේ හැකියාව තමන්ට පවතිනවා.
“පසුගිය දශකය තුළ, මගේ ජීවිතය කිහිප වතාවක් වෙනස් කිරීමට තරම් මම වාසනාවන්ත වීමි. මම මගේ ගමනේ බොහෝ වැරදි සිදු කර ඇති අතර මට තවමත් යා යුතු මාර්ග තිබේ –නමුත් මම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ඉගෙන ගෙන ඇත්තෙමි. ඔබ මේවා මඟ හැරියහොත්, ඔබ ඔබේ ප්‍රගතිය මන්දගාමී කර සීමා කරනු ඇත; නමුත් ඔබ ඒවා අනුගමනය කරන්නේ නම්, ඔබ අන් කිසිවක් මෙන් ඔබේ වර්ධනය ආරම්භ වනු ඇත” –
Anthony J Yeung
ඔබ විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්න බොහෝ දෙනෙක් තමන්ගේ රුචි අරුචිකම් ගැන නොසිතා තමන්ට ලැබෙන දේ කිරීම තමයි වැඩි හරියක් කරන්නෙ .ඒත් කරන්න ඕනේ ඒ දේ නම් නෙමේ තමන් කැමති දේ හදුනගන ඒ අංශයෙන් ඉදිරියට යාම තමයි තියෙන්නෙ එවිටයි ජීවිතයේ සාර්ථකත්වය රදාපවතින්නේ. එහෙම නැතුව ලැබෙන දේව් කරගන ඉන්න එක නෙමේ ජීවිතය කියන්නේ.තමන් ආස දේට සැලසුමක් හදාගන ඒ අංශයෙන් ඉදිරියට යාමයි.
උදාහරණයක් ගත්තොත් තමන්ගේ හැකියාව කලාව නමුත් ඔබ මිතුරෙකුගේ කීමට හෝ යම්කිසි හේතුවකින් වාණිජ අංශය තෝර ගන්නවා. එහෙත් ඔබ ආශ දේ හැකියාව පවතින දේ කලාවනේ ඒ නිසා කලාව තෝරාගන ඉදිරියට යා යුතුයි. එතනයි ඔබේ සාර්ථකත්වය රදාවතින්නේ. ඔබ ඔබ ගැන සැලකිලිමත් වෙන්න බොහෝ දෙනෙක් සිදු නොකරනම දෙයක්.තමන් තමන්ට ආදරය කරන්න. තමන්ව ආදරෙන් රැකගන්න ඕනෙ .බොහෝ දෙනෙක් තමන් ගැන නොසිතාම ඔහේ ජීවත් වනවාට ජීවත් වනවා. එහෙම නෙමේ තමන් ලස්සනට ඇදලා, හරිම ප්‍රසන්නව ඉන්න, තමන්ගේ ලෙඩක් තියේනම් අනිවාර්‍යෙන් බෙහෙත් ගන්න.

හිතේ කනස්සල්ලක් තියේනම් ඒ දේ නැති කරන්න තමන් ආස දේවල් කරන්න. මමනම් මගේ ආගම අනුව හිතට දුකක් කනස්සල්ලක් ආවොත් පන්සලට යනව බෝ මළුවෙ ඉදගන බෝ ගහ දිහා බලාන ඉද්දි සිතට මාර සැනසීමක් ඔබත් ඔබේ ආගම අනුව ඒ විදිහට කටයුතු කරන්න. ඔයාලා අහලා තියනවද දුක හිතුනම අයිස්ක්‍ර්‍රීම් කන අය ගැන .ඔව් ඒ අයට ඇත්ත්ටම දුක අඩුවෙනවලු .තමන් ආස අයිස් ක්‍රීම් එකක් කාපුවහම.

ඉතිං ඔයත් ආස දෙයක් කරලා බලන්න හිතේ සැනසුම සතුට ලගා කර ගන්න .
ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න ඔබගෙන්ම සතුට හොයන්න එවිට ඔබ ආකර්ෂණීය චරිතයක් වේවි.