මෙරට තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමට පාර පෙන්වයි - ඉන්දු-පැසිෆික් සහයෝගීතාවයට සාකච්ඡා

Report

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වූ යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය අතර හමුවක් අද (09) දින කොළඹදී පවත්වා ඇත.

ඇයගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර පැවති මෙම හමුවේදී, 2025 නොවැම්බර් මාසයේ බ්‍රසල්ස්හි පැවති 04 වන යුරෝපා සංගම් ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇති වූ සාකච්ඡා මත පදනම්ව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී ඇති බව සඳහන්.

ඒ අනුව එහිදී විශේෂ අවධානයක් ඉන්දියානු සාගරය හා ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම, ගෝලීය සම්බන්ධතා, වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව යොමු කර ඇත.

අස්වැසුම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් - මේ අයට විශේෂ දීමනා සැපයීමට සැලසුම්

අස්වැසුම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් - මේ අයට විශේෂ දීමනා සැපයීමට සැලසුම්

සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන කටයුතු ආරක්ෂා කිරීමේදී UNCLOS සම්මුතියේ වැදගත්කම යළි තහවුරු කරමින්, CRIMARIO සහ IORIS වැනි කලාපීය මුලපිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

බලශක්ති ආරක්ෂාව සහ ගෝලීය සම්බන්ධතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද පෙරදිග වත්මන් තත්ත්වය නිසා බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය හා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි ඇති බලපෑම් පිළිබඳව ද අවධානය යොමුව ඇත.

විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සහ සම්බන්ධතා ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමේ හැකියාව පිළිබඳව යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය දක්වා ඇත.

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

එමෙන්ම ඇය අවධාරණය කර ඇත්තේ ගෝලීය අභියෝග හමුවේ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කමයි.

නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාව GSP+ යෝජනා ක්‍රමයට යළි අයදුම් කිරීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ද යළි තහවුරු කර ඇත.

එමෙන්ම මැයි 9 වන දින සමරනු ලබන යුරෝපීය දිනය නිමිත්තෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇයගේ දූත පිරිසට සුබ පැතුම් ද එහිදී එක් කර ඇත. එම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි ගරු කාමන් මොරෙනෝ මහත්මිය, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක් විඌ බව සඳහන්.

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

GalleryGalleryGallery