ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ETA සංචාරක අවසර පත්‍රවල ගැටලුවක්
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍ර (ETA) අනුමත කිරීමේ නිවේදන බෙදා හැරීමට බලපාන තාවකාලික සේවා බාධාවක් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම බාධාව අනපේක්ෂිත තාක්ෂණික තත්වයන් නිසා ඇති වූවක් බවත් ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් ප්‍රමුඛතාවය මත විසඳනු ලබන බවත්ය.
ETA සඳහා දැනටමත් ඉල්ලුම් කර ඇති සංචාරකයින්ට ETA අනුමත කිරීමේ දැන්වීම නොලැබුණත් ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගමන ඉදිරියට ගෙන යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ETA අනුමත කිරීමේ දැන්වීම ඉදිරිපත් කිරීමකින් තොරව ගුවන් ගමන් පහසු කිරීම සඳහා ගුවන් සමාගම් සහ අදාළ බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු ETA සත්‍යාපනය සහ අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය සේවාවන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, සිදුවන ඕනෑම අපහසුතාවයක් ගැන කනගාටු වන බවත් නිවේදනයේ සඳහන් වේ.