ජනතාව දැනුවත් වෙන්න - ඉහළ දැමූ විදුලි ගාස්තු සංශෝධනය අනිද්දා සිට ක්‍රියාත්මකයි
මේ වසරේ දෙවන කාර්තුවේ ඉතිරි කොටස සහ තුන්වන කාර්තු සදහා ඉහළ දැමූ නව විදුලි ගාස්තු සංශෝධනය අනිද්දා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් ප්‍රකාශ කළේය.
කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සියලුම රාජ්‍ය ආයතනවලට සහ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝජනයක් පවතින පූජනීය ස්ථාන සඳහා ද 18% ක විදුලි ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි.
ඊට අමතරව ගෘහස්ථ කාණ්ඩයෙන් ඒකක 180 ට වැඩි කාණ්ඩ සඳහා ද 18% කින් විදුලි ගාස්තු ඉහළ යන බව ද සභාපතිවරයා සඳහන් කළේය.