ලයිට් බිල ගැන අන්තිම තීරණය තව සුළු මොහොතකින්

Report

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දින පෙරවරුවේ ගැනීමට නියමිතයි.

එසේම එම තීරණය අද පස්වරුවේදී මහජනතාව වෙත නිවේදනය කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ඊයේ (13) දින සඳහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සියයට 6.8 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා ඇතත්, අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අවසන් ගාස්තු වැඩිවීම එම ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක පැවතිය හැකි බවට එම නිලධාරියා වැඩිදුරටත් ඉඟි කර තිබෙනවා.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී කොමිසම වෙත යොමු කළ යෝජනාවෙන් අඳාළ ගාස්තු වැඩිවීම ඉල්ලා ඇත්තේ, වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ අපේක්ෂිත හිඟයක් පියවා ගැනීමේ අරමුණෙන් බව සඳහන්.

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

තවද එම කාලසීමාවේදී රුපියල් මිලියන 17,694 ක, එනම් කෝටි 1,769 ක පමණ මූල්‍ය හිඟයක් විදුලිබල මණ්ඩලය මඟින් ඇස්තමේන්තු කර තිබෙන බව වාර්තා වේ.

එබැවින් එය පියවා ගැනීමට සියයට 6.8 ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ඔවුන්ගේ ගණනය කිරීම වී ඇති බව පවසයි.

එමෙන්ම උපයෝගිතා කොමිසමේ නිලධාරියා විසින් මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමේදී විදුලිබල පනතට සහ නියමිත ගාස්තු මිල සූත්‍රයට අනුකූලව කටයුතු කරන බව අවධාරණය කළා.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

එසේම ඔහු විසින් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ අවසන් යෝජනාවේ අඩංගු ඇතැම් වියදම් ඇස්තමේන්තු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවද සඳහන් කළා.

මේ අතර කරුණු 8 ක් යටතේ කොමිසම විසින් මෙම යෝජනාවලිය අධ්‍යයනය කර ඇති අතර, එහිදී විශේෂයෙන්ම විදුලි ජනන පිරිවැය, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ පිරිවැය සහ පැරණි ණය පියවීම සඳහා විදුලි ගාස්තුවලින් අරමුදල් සපයා ගැනීමට කර ඇති යෝජනා කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙන බව සඳහන්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් ඉන්ධන බලාගාරවලින් වැඩි වශයෙන් විදුලිය මිලදී ගැනීමට සහ ණය ගෙවීමට ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ගැඹුරින් සලකා බැලූ බවයි.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්