ජාතික අධ්‍යාපන ආයතනය දූෂිත ආයතනයක්...

Sri Lanka Education
By Gagana News Feb 25, 2025 03:54 AM GMT
Gagana News

Gagana News

Report

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර සිටින්නේ වසර අටෙන් අටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු වුවත්, එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය අපොහොසත් වී ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිදුවී ඇති විගණන වාර්තා සහ වංචා සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා, එහි අධ්‍යක්ෂ ජනරාල්වරියට ලිපියක් භාරදීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලාංකිකයින්ට ශුභ ආරංචියක්

ශ්‍රී ලාංකිකයින්ට ශුභ ආරංචියක්

ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් පැවසුවේ,

''පසුගිය කාලයේ විෂය මාලා වෙනස් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රුපියල් මිලියන 5000**ක් වෙන්කර වෙනම අමාත්‍යාංශයකුත් හැදුවා,  නමුත් එයින් කිසිදු ඵල ප්‍රයෝජනයක් සිදු වුණේ නැහැ. රුපියල් මිලියන පන්දාහක් වතුරේ යැවීමක් වගේ වුණා." 

ඔහු තවදුරටත් පැවසුවේ,

''ජාතික අධ්‍යාපන ආයතනය දූෂිත ආයතනයක්. එහි විගණන වාර්තාවලින් කියවෙන කිසිම දෙයක් ක්‍රියාත්මක කර නැහැ. මේ සම්බන්ධයෙන් මෙහි නිලධාරීන්ගේ දූෂණ සම්බන්ධයෙන් වාර්තා තියෙනවා. ඒවා පැත්තකට දමා තියෙනවා, **ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි කියන්නේ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලයි." 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දැනටමත් ප්‍රමාද වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙම ආයතනය ගෙන නොමැති බවත්, මුදල් බෙදීම පමණක් සිදුවී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඔහුගේ අදහස් දැක්වීම් ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.

 

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

සංජීව ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අතඩංගුවට ගැනීම් දෙකක්!!

ReeCha