දිනකට පියයුරු පිළිකා රෝගීන් 17ක් - ලංකාව ගැන බිහිසුණු අනාවරණයක්
ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ හඳුනා ගන්නා බවයි.
කොතෙක් දැනුවත් කළ ද පියයුරු පිළිකා සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානය යොමු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වැඩිදුරටත් සඳහන් කළාය.
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන 6ක් මේ වන විට ක්‍රියාත්මක බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.