ගම්පහ තත්ත්වය බරපතළ වීමත් සමඟ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළට - දිවයින පුරා අධි අවදානමක්
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව එම ඒකකය සඳහන් කළේ මේ දක්වා ඩෙංගු රෝගීන් 83,661 වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය පවසයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,779 ක් ලෙස සඳහන්.
එමෙන්ම දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,665ක් වශයෙන් සටහන් වී ඇත.
දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා
මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් බවට බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 44,359ක් වේ.
එසේම දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,586ක් වේ.
මේ යටතේ රට පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවදියක අධි අවදානම් කලාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.