අද සිට ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ ප්‍රහාරක සැලැස්මක් ගැන කියූ දේකින් යුද හමුදා බුද්ධි ප්‍රධානියා වහාම තීරණයක් ගනී..

Report

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දෙසීයක් යොදවා ජාතික ජන බලවේගය කරන අයුරින් ලබන 12 වැනිදායින් පසු එනම් අද දින සිට රට තුළ ව්‍යසනයක් කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගේ යූ ටියුබ් නාළිකාවක් මගින් වෛරී ප්‍රකාශයක් කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වනවා.

සන්නද්ධ බුද්ධි බළකා ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිල විසින් ඊයේ (11) දින උදෑසන මෙම පැමිණිල්ල කර තිබෙන බවයි පැවසෙන්නේ.

අද ලග්න 06කට මල් හතයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න.

අද ලග්න 06කට මල් හතයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න.


එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන්නේ, දේශපාලන වුවමනාවන් මත සාවද්‍ය තොරතුරු ජනගත කරමින් යුද හමුදාවේ චිත්ත ධෛර්යය ද බිඳවැට්ටවීමට මෙන්ම ක්‍රියාකාරිත්වය ද බිඳවැට්ටවීමට මෙම යූ ටියුබ් නාළිකාව මගින් කටයුතු යොදා ඇති බවයි.

අජිත් ධර්මපාල නමැති පොලිස් සේවයෙන් ඉවත් වී විදෙස් රටක සිටිමින් යූ ටියුබ් නාළිකාවක් මෙහෙයවන අයකු විසින් ජනාධිපතිවරණයට පෙර රට තුළ කලබල ඇති කිරීම සඳහා හමුදා බුද්ධි ප්‍රධානියා විසින් බුද්ධි නිලධාරින් දෙසීයක් කොළඹට කැඳවා නියෝග දී ඇතැයි හදිසි අනාවරණයක් ලෙසින් මෙය හෙළි කර තිබේ.

මෙම සාවද්‍ය ප්‍රකාශ මගින් තමාටත්, පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ල විය හැකි බවත් දේශපාලන වුවමනාවන් මත රට තුළ කලබල ඇතිකර බුද්ධි අංශ මත පැටවීමට ගන්නා උත්සාහයක්ද යන්න සම්බන්ධවත් පරීක්ෂණ පවත්වන ලෙස බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

රට වටේ ගිය ‘Talk with Sudaththa’ යූටියුබ් වීඩියෝ පටයක් නිසා සිදු වූ දේ..

රට වටේ ගිය ‘Talk with Sudaththa’ යූටියුබ් වීඩියෝ පටයක් නිසා සිදු වූ දේ..


මෙවැනි අසත්‍ය පතුරුවන යූ ටියුබ් නාළිකා ගැන වහාම පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත අධිකරණයට කරුණු දක්වා දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියකු පවසා තිබේ.