මුළු ලංකාවටම සුබ ආරංචියක් - ආදායමක් දෙගුණ තෙගුණ වෙයි මෙහෙම ගියොත් හැමෝම ගොඩ

Report

2026 වසරේ පළමු මාස හය තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක් එක්රැස් කරගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එය වසරේ මුල් මාස හය සඳහා ලබාදී තිබූ බදු ඉලක්කයට වඩා සියයට 22ක ඉහළ අගයක් ගන්නා බවයි.

රේගු දෙපාර්තමේන්තුවට මේ වසර සඳහා ලබා දී ඇති සමස්ත බදු ඉලක්කය රුපියල් බිලියන 2,206.9කි. ඒ අනුව වසරේ මුල් මාස හය ඇතුළත බදු ලෙස එක්රැස් කරගත යුතුව තිබුණේ රුපියල් බිලියන 1,060ක් පමණක් වුවද, බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක ලෙස රුපියල් බිලියන 1,373ක ආදායමක් උපයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

මේ වසරේදී මෙරටට මෝටර් රථ ආනයනය කිරීම සීමා වී ආදායම අඩුවනු ඇතැයි මුලින් අපේක්ෂා කළ ද, වාහන ආනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වීම හේතුවෙන් මෙලෙස බදු ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

 

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්