මීට පස්සේ මේවට කඩදාසි නෑ - ඔක්තෝබර් 01දා සිට ක්‍රියාත්මකයි
ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) මඟින් සංවිධානය කරන ලද “ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. ඒ ඊයේ (18) පෙරවරුවේ ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දීයි.
එමෙන්ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර ඇත්තේ රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීවයි.
එහිදී කඩදාසි රහිත රේගු ප්‍රකාශන ව්‍යාපෘතිය තුළින් වෙළෙඳ ක්ෂේත්රයට අත්වන ප්රතිලාභ සම්බන්ධව පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇත.
ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්
එසේම රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශනයක් සිදු කළ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා, ඔක්තෝබර් මස 01වන දින පටන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබා දෙන දායකත්වය අගය කරන බවද සඳහන් කර තිබුණා.
පසුව LankaPay ආයතනයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් තාක්ෂණික සැසියක් සංවිධානය කර තිබූ අතර, එහිදී ඩිජිටල් අත්සන යනු කුමක්ද? එය ලබා ගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද සහභාගී වූවන් පුළුල්ව දැනුවත් කර ඇත.
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි
මෙම අවස්ථාවට රේගු අධ්යක්ෂවරුන් වන රුවන් තිසේරා, සිසිර කුමාර යන මහත්වරු, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් වන ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි, එම්. ඒ. ප්‍රේමලාල් යන මහත්වරු, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සහ මහලේකම් ශිරාන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ තොරතුරු තාක්ෂණ නිලධාරීහු, LankaPay ආයතනයේ නියෝජිතයින් මෙන්ම ආනයනකරුවෝද, ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක්ද එක්ව තිබුණා.