රටට අනතුරක් ලංකාවේ නව දරු උපත් පහළට
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ 2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩු වූ බවයි.
ඒ අනුව පසුගිය වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද අවම උපත් සංඛ්‍යාව වන 846 මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වසරේ 10. 8% ක ප්‍රතිශතයකින් යුත් උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ වාර්තා වුණේ සියයට 11. 4% ක් ආකාරයටය.
2020 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් වසරේ උපත් සංඛ්‍යාව දැක්වෙන්නේ 220,761ක් වේ. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු පරිදි වැඩි වී ඇත.
එමෙන්ම සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතු මත ඇතිවූ අර්බුදකාරී ආර්ථික වාතාවරණය උපත් ප්‍රමාණය ස්වයං පාලනයක වී ඇති බවයි.