ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමට තීරණාත්මක පනත් කෙටුම්පතක්

Report

රී ලංකාවේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සකස් කළ ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (10) පැවැත්විණි.

මෙම පනත් කෙටුම්පත මඟින් නවීන ජෛව තාක්ෂණය යටතේ නිපදවන ජාන වෙනස් කළ ජීවීන් (GMOs/LMOs) හේතුවෙන් පරිසරයට, ජෛව විවිධත්වයට සහ මානව සෞඛ්‍යයට ඇතිවිය හැකි අවදානම් පාලනය කිරීම සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

ගංගාරාමය අසල බේරේ වැවේ වසර ගණනක කුණු-රොන්මඩ අදින්න ලොකු වැඩක් ඇරඹේ

ගංගාරාමය අසල බේරේ වැවේ වසර ගණනක කුණු-රොන්මඩ අදින්න ලොකු වැඩක් ඇරඹේ

2026 මාර්තු 8 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලබා දී තිබූ අතර, එහි අරමුණු සහ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව නිලධාරීන් කරුණු පැහැදිලි කළහ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාල මහතා, පරිසර සංවර්ධන අංශයේ අතිරේක ලේකම් ආචාර්ය ආර්. ඩී. එස්. ජයතුංග මහතා සහ ජෛව විවිධත්ව අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මොහාන් හීනටිගල මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

යෝජිත පනත යටතේ ජාන වෙනස් කළ ජීවීන් සම්බන්ධ පර්යේෂණ, නිෂ්පාදනය, ආනයනය, අපනයනය, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ වාණිජ භාවිතය විද්‍යාත්මක පදනමක් මත නියාමනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරිය ජාතික බලයලත් අධිකාරිය ලෙස නම් කිරීමට යෝජනා කර ඇති අතර, අවදානම් තක්සේරු කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අධීක්ෂණය සහ නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල ලබාදීමට නියමිතය.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ, නවීන ජෛව තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාගන්නා අතරම පරිසර පද්ධති සහ ජෛව සම්පත් ආරක්ෂා කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණක් බවයි.

කුඩා තේ වතු ගොවීන්ව නගා සිටුවන්න "සිලෝන් ටී විලේජ්" තේ ගම්මාන 500ක් ඇරඹිමට සුදානම්

කුඩා තේ වතු ගොවීන්ව නගා සිටුවන්න "සිලෝන් ටී විලේජ්" තේ ගම්මාන 500ක් ඇරඹිමට සුදානම්