භූතානයේදී අගමැතිනි හරිනි සහ භූතාන අගමැති අතර හමුවෙන් පසු දෙරටේ සබඳතා ගැන අලුත් බලාපොරොත්තුවක්

Report

භූතානයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ ප්‍රධාන දේශකවරිය ලෙස සහභාගී වීම සඳහා භූතානයට ගොස් සිටින අග්‍රාමාත්‍යවරිය, තිම්පු නුවරදී භූතාන අග්‍රාමාත්‍යවරයා හමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ භූතානය අතර දිගුකාලීනව පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ ගුවන් සම්බන්ධතා ඇතුළු දෙරටටම වැදගත් වන පුළුල් ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද නායකයින් අතර අදහස් හුවමාරු වී ඇත.

අනුර ජනපති කොතරම් බුද්ධිමත්ද උතුම්ද - 1948 පස්සේ මේ වගේ බුද්ධිමත් නායකයෙක් දැකලා තියෙනවද? ඔහු ජිවිත අවදානමක් අරන් තීරණ ගන්නේ

අනුර ජනපති කොතරම් බුද්ධිමත්ද උතුම්ද - 1948 පස්සේ මේ වගේ බුද්ධිමත් නායකයෙක් දැකලා තියෙනවද? ඔහු ජිවිත අවදානමක් අරන් තීරණ ගන්නේ

එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණදීම, වන විනාශය අවම කිරීම, පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමටත්, පොදු උනන්දුවක් ඇති විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන ආකාරයෙන් සහයෝගීතාව පුළුල් කිරීමටත් මෙම හමුව වැදගත් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආපදා සහන උපකරණ ලබාදීම ගැන සාකච්ඡා - අමෙරිකාව සමඟ ආරක්ෂක සහයෝගීතාවත් පුළුල් කරයි

ශ්‍රී ලංකාවට ආපදා සහන උපකරණ ලබාදීම ගැන සාකච්ඡා - අමෙරිකාව සමඟ ආරක්ෂක සහයෝගීතාවත් පුළුල් කරයි