ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කතා කරයි- ලංකාවේ ව්‍යවසායකයන්ට උත්තරීතර සභාවෙන් ඉහළම ඇගයීමක්
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ “ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සමුළුව” (Sri Lanka–Australia Business Summit) පිළිබඳව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ විශේෂ කතාබහක් ඇතිව තිබේ .
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Cassandra Fernando මහත්මිය විසින් පාර්ලිමේන්තුව අමතමින් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.
එහිදී ඇය ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලබාදෙන විශිෂ්ට දායකත්වය සහ දෙරට අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් සබඳතා බෙහෙවින් අගය කර තිබේ
මෙම ව්‍යාපාරික සමුළුව හරහා දෙරට අතර ඇති විය හැකි සාර්ථක ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබුණි.
ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම, නව ආයෝජන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම,
දෙරටේම ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීම,
ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ කැපවීම සහ දායකත්වය ජාත්‍යන්තර මට්ටමින්,
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක් තුළ මෙලෙස ඇගයීමට ලක්වීම සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම මහත් ආඩම්බරයකි
තවද දෙරට අතර පවතින මෙම සුහදශීලී සහ ශක්තිමත් සබඳතාව, වඩාත් සාර්ථක මෙන්ම සාරවත් අනාගතයක් කරා ගමන් කිරීමට මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි ඇය වැඩිදුරත් සදහන් කළේ මෙවන් අදහසකි
“ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ඇදහිය නොහැකි දායකත්වය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඔවුන් අඛණ්ඩව ගොඩනඟා ගන්නා ශක්තිමත් සබඳතා පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ලැබීම භාග්‍යයක් වන අතර අපේ රටවල් දෙක අතර ශක්තිමත් වෙළඳාම, ආයෝජන සහ අවස්ථාවන්ට සහාය වීම ගැන මම ආඩම්බර වන අතර මෙම සම්බන්ධතාවය දිගටම වර්ධනය වනු දැකීමට බලාපොරොත්තු වෙමි”
යනුවෙන් සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර ඇත