යුද හමුදා මූලස්ථානයෙන් හදිසියේම විශේෂ තීරණයක් ගනී..අද සිට මේදේ කරන්න එපා.
සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන වෙන්කර දීම තහනම් කිරීමට යුද හමුදා මූලස්ථානය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.
සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හෝ දැනුවත් කිරීමකින් තොරව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය අගෝස්තු 26 වැනිදා මෙම නියෝගය කඳවුරු වෙත දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
සැප්තැම්බර් 01 දා සිට සැප්තැම්බර් 25 දක්වා විශ්‍රාමික නිලධාරින්ට හා සෙසු නිලයන්ට මෙම නියෝගය පනවා ඇති අතර, මේ අනුව කලින් නිවාඩු නිකේතන වෙන් කරන ලද ඒවායේ වගකීම රෙජිමේන්තු සේනා විධායකවරුන් විසින් භාරගත යුතු බවද දන්වා ඇත.
මෙම නියෝගයත් සමග ආබාධිත රණවිරුවන්ට තම උපන්දිනය වෙනුවෙන් කෑම බීම දීමට මෙම සතියේ අභිමංසල වෙත පැමිණි ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යැවීමට පියවර ගෙන තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝග ද නිකුත් කර තිබේ.
මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර ඇත.
තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05 වැනිදා) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර තිබේ.
-
NPP 1117062
Jathika Jana Balawegaya
68.28% -
SJB 263953
Samagi Jana Balawegaya
16.13% -
NDF 84912
New Democratic Front
5.19% -
SLPP 71547
Sri Lanka Podujana Peramuna
4.37% -
OTHERS 98571
All Other Parties
6.02%