චීනය සහ ලංකාව අතර මිතුදම අලුත් වෙයි..ලංකාවට නව බලාපොරොත්තුවක්..

Dinesh Gunawardena Government of China China Ship In Sri Lanka
By Aruna Mar 27, 2024 04:22 AM GMT
Aruna

Aruna

Report

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙන බව වාර්තා වනවා.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා පවත්වා තිබෙනවා.

ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ආර්ථික, සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකළ බවද සඳහන්.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.