ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ තීරණයක් ගනී..රටටම සුභ ආරංචියක්..
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අඛන්ඩ සහයෝගය ලබාදෙන බවට චීනය නැවතත් සහතික වී තිබෙන බව වාර්තා වනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් අතර ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී මෙම සහතිකය ලබාදුන් බවයි.

චීන තානපතිවරයා විසින් මෙහිදී පැසසුමට ලක් කර ඇත්තේ, පවතින දුෂ්කරතා මගහරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කරන බවයි.
මෙහිදී ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙරට ආර්ථීක ගැටලුවලට දිගුකාලීන විසඳුම් වශයෙන් කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, බලශක්ති වැනි ක්‍ෂේත්‍රවල ඍජු පෞද්ගලික ආයෝජනය කිරීමට චීනයට ඇරයුම් කරන බවයි.