ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන අමෙරිකාවෙන් රතු එළියක්...
American Express
Sri Lanka Politician
Political Development
By Aruna
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී.
එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසටයි.
අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බවත්ය.
සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ලබයි.