ශ්‍රී ලංකාව ගැන අමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්..
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.
ඇය පැවසුවේ, එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වේයැයි බලාපොරොත්තු වන බවයි.
ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.