ලංකාවට තවත් ජාත්‍යන්තර ඇගයීමක් - ලෝකේ විශිෂ්ටතම ආහාර ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්
Travel And Tour World (TTW) ආයතනය මඟින් 2026 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ආවේණික වූ සුවඳවත් කුළුබඩු සහ වසර සිය ගණනක සංස්කෘතික උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් මෙම ජාත්‍යන්තර ඇගයීමට පදනම වී ඇති බව සඳහන්.
විශේෂයෙන් කොළඹ, යාපනය, ගාල්ල සහ නුවරඑළිය වැනි නගරවල පවතින සුවිශේෂී ආහාර සංස්කෘතිය සහ දේශීය රසයන් ලෝක සංචාරකන්ගේ අවධානයට ලක්ව ඇති බව එම වාර්තාව සඳහන් කරයි.
එසේම ආහාර යනු හුදෙක් පෝෂණය පමණක් නොව, එය රටක සංස්කෘතික අනන්‍යතාවය සහ ප්‍රජාව විදහා දක්වන අත්දැකීමක් බව මෙම ශ්‍රේණිගත කිරීම ඔස්සේ තහවුරු වෙයි.
එම ලැයිස්තුවේ 50 වෙනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර පළමු ස්ථාන පහ සඳහා පිළිවෙළින් මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව නම් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ ද විවිධ ආහාර වර්ග සඳහා මෙම වර්ගීකරණය හරහා විශේෂ ලෙස දක්වා ඇති තිබෙනවා.
ඒ අතර කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවර එළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය ආහාර සඳහා සුවිශේෂී ගමන්නාන්ත ලෙස දැක්වේ.