රටවල් 26ක් ලංකාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න.

Government of Canada Sri Lanka United States of America New Zealand Australia
By Aruna Oct 04, 2022 05:55 AM GMT
Aruna

Aruna

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟතාව පළකර ඇතැයි ජිනීවා වෙතින් ලැබෙන වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව, මේ වන විට

ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙකියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් මෙම යෝජනාවට අත්සන් තබා ඇතැයි පැවසේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති, A/HRC/51/L.1 දරන මෙම යෝජනාව ඔක්තෝබර් 06 වැනිදා ඡන්ද විමසීමට ලක්කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ එක්සත් ජනපදය එක්ව මෙම යෝජනාව සකස් කර ඇත.

මෙම යෝජනාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතළ ලෙස විවේචනයට ලක්කර ඇත.

මෙම යෝජනාවට පිළිබඳ ඡන්ද විමසීමට සහභාගිවීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ජිනීවා නුවර බලා පිටත්ව යන බව අමාතයාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත්, ශ්‍රී ලංකා පාර්ශ්වය එහිදී පරාජයට පත්වනු ඇතැයි සැසිවාරයට පෙර පැවැති ජනමාධ්‍ය හමුවකදී විදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.

ජිනීවා වෙතින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් අතුරින් රටවල් 10ක සහයෝගය හෝ මෙවර ලබා ගැනීම ශ්‍රී ලංකාවට අපහසුවී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now