ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක ජීවත්වෙන ජනතාවට ඉවත්වෙන්නයැයි ඊශ්‍රායලය නියෝග
ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වීමට ඊශ්‍රායලය දැනුම්දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක සිටින ජනතාවට මෙලෙස ඉවත්වන ලෙස දන්වා ඇති බවයි.
ඊශ්‍රායලය පවසන්නේ, අදාළ නගරවලින් අවම වශයෙන් මීටර් 1,000 ක දුරින් සිටීම ආරක්ෂිත වන අතර, එමඟින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවයි.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය සහ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල සහ ඩ්‍රෝන යානා එල්ල කිරීම, ඊශ්‍රායලය විසින් පළිගැනීමේ ක්‍රියාවක් ලෙස පිළිගන්නා ලදී.
එවිට ඊශ්‍රායලය හිස්බුල්ලා පාලනයේ පවතින ටේරුට්හි දකුණු ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායලය සඳහන් කරන්නේ, සිය ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම සතුරෙකුට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.