ඔබේ ඇසුත් රතු වෙලාද...පැතිරෙන ඇස් රෝගයක් ගැන සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

By Hashini Oct 11, 2023 09:17 AM GMT
Report

 මේ දිනවල ප්‍රදේශ රැසක ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් පවසන්නේ.

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදියයි.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මේ ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි බවයි.

එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමඟ මෙම වෛරස ඇස් රෝගය පැතිර යා හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.