කුළුබඩු මණ්ඩලය කොට උඩ
By Gagana News
කුළුබඩු මණ්ඩලයේ දිවයින පුරා පිහිටි අලෙවිසැල් 18න් 13ක් මේ වන විට වසා ඇති බව වාර්තා වේ.
සේවකයන් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ට මාසික වේතනය ද ලබා නොදීම නිසා මෙම අලෙවිසැල් වසා දැමුණු බවයි.
මේ පිළිබඳ කුළුබඩු මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ ආයතනය පාඩු ලැබීම හේතුවෙන් තවදුරටත් යාමට නොහැකි බවයි.
වැඩිම අලෙවිසැල් සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්වාගෙන ගිය අතර එම අලෙවිසැල් පසුගිය සතියේ වසා දැමූ බව ඔහු සඳහන් කරයි.