Dating App හරහා ආදරය සොයන අයට පොලිසියෙන් රතු එළියක්

Report

අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරක්, ප්‍රේම සම්බන්ධතාවයක් හෝ විවාහයක් අපේක්ෂාවෙන් Dating Apps හරහා සම්බන්ධ වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයේදී වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

මෙම වංචනික ක්‍රියාවල නිරත වන පුද්ගලයන් කෙටි කාලයක් තුළ හෝ දීර්ඝ කාලයක් පුරා ආකර්ෂණීය ලෙස පණිවිඩ හුවමාරු කරගනිමින් විශ්වාසය දිනාගෙන පුද්ගලයන් රැවටීමට ලක් කරන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, අන්තර්ජාලය හරහා හඳුනාගන්නා පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.    

  

Gallery