නල්ලූර් හා මඩු වන්දනා සමයට විශේෂ දුම්රිය සහ බස් සේවා
උතුරු පළාතේ පැවැත්වෙන ප්‍රධාන ආගමික උත්සව දෙකක් වන නල්ලූර් කන්දස්වාමි කෝවිල් මංගල්‍යය සහ මඩු වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
යාපනයේ පැවති මාර්ගයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වීමෙන් අනතුරුව ජනතාව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ–යාපනය දෛනික ශීඝ්‍රගාමී දුම්රිය සේවාව දින හතරක් සඳහා සීමා කරන බව නිවේදනය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවේචන එල්ල විය.
රටම බලා සිටි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද සිට ඇරඹෙයි - පළමු පෙරහර සම්බන්ධයෙන් දැනුම්දීමක්
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී රසමාණික්කම් ශානක්කියන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ගීතානාත් කාසිලිංගම් ඇතුළු පිරිසක් නල්ලූර් උත්සව සමයේ දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව පසුව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දින හතරකට සීමා කිරීමට යෝජනා කළ සේවාව වෙනුවට බදාදා දින පමණක් සේවාව අත්හිටුවමින් සතියේ දින හයක දුම්රිය ධාවනය සිදුකරන බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, වරකාපොළ ප්‍රදේශයේ දුම්රිය එන්ජිමක් තවදුරටත් සිරවී තිබීම සහ උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානි හේතුවෙන් අලුත්වැඩියා කටයුතු සඳහා එන්ජින් යෙදවීමට සිදුවීම ඇතුළු කරුණු කිහිපයක් නිසා දැනට එන්ජින් හිඟයක් පවතින බවයි.
කෙසේ වෙතත්, එම තාවකාලික බාධා මධ්‍යයේ වුවද නල්ලූර් සහ මඩු ආගමික උත්සව සමය සඳහා විශේෂ දුම්රිය සහ බස් සේවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනට ගල්කිස්ස–කන්කසන්තුරේ ශීඝ්‍රගාමී දුම්රිය සතියේ දින හයක ධාවනය වන අතර, එය පෙරවරු 5.15ට ගල්කිස්සෙන් පිටත්වී පස්වරු 12.13ට කන්කසන්තුරේට ළඟා වේ. ආපසු ගමන පස්වරු 1.50ට කන්කසන්තුරේ සිට ආරම්භ වී රාත්‍රී 9.40ට ගල්කිස්සට ළඟා වේ.