දළදා වදින්න යන්න විශේෂ දුම්රිය සේවාවක්
By Hashini
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන 18 වැනිදා සිට දෛනිකව දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
ඔහු පවසන්නේ එමගින් මහනුවර දක්වා ගමන් කිරීමටත්, යළි මහනුවර සිට පැමිණීමට හැකි බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කරන්නේ මීට අමතරව මහනුවර ප්‍රදේශයේ ගම්පොළ, කඩුගන්නාව සහ කටුගස්තොට සිට දුම්රිය ගමන්වාර හදුන්වා දී ඇති බවයි.