මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

By Piyumika Sep 16, 2024 03:20 AM GMT
Report

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.

වසර දෙකකට පසු නිම වුනු රජ පව්ලේ ගැටුම්..

වසර දෙකකට පසු නිම වුනු රජ පව්ලේ ගැටුම්..

ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.