විදේශ සේවාවෙන් හෙට වතුකරයේ ජනතාවට විශේෂ වැඩසටහනක්...
By Parami Dissanayake
හෙට (29) දින සිට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මම වැඩසටහන සඳහා කේන්ද්‍ර වී ඇත්තේ, ඌව පළාතයි.
එහි දී දමිළ ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ප්‍රදේශයන් වන බදුල්ල, ඌව පරණගම, වැලිමඩ, පස්සර, ලුණුගල, හාලිඇල, හපුතලේ, මහියංගනය, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල සහ ඇල්ල යන ප්‍රදේශවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
මෙමඟින් බලාපොරොත්තු වන්නේ, විදේශ රැකියා, විගමණික ශ්‍රමික සුබසාධන කටයුතු හා වංචනිකයින්ට හසුනොවී නිවැරදි මාර්ගයෙන් විදේශ ගතවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම බව වාර්තා වේ.