මෙන්න ඊශ්‍රායල අගමැති ගත් විශේෂ තීරණය...

By Parami Dissanayake Jun 17, 2024 01:06 PM GMT
Report

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු "යුද කැබිනෙට්ටුව" විසුරුවා හැරීමට තීරණය කර ඇති අතර, එය සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත වුවකි.

යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එම කැබිනෙට්ටුවේ ප්‍රකට චරිතයක් වූ බෙනි ග්‍රාන්ට්ස් පසුගිය සතියේ ඉන් ඉවත් විය.

බස්නාහිර අධ්‍යාපන අරමුදලින් පොසොන් කලාපයට ලක්ෂ අසූ පහක්...

බස්නාහිර අධ්‍යාපන අරමුදලින් පොසොන් කලාපයට ලක්ෂ අසූ පහක්...

මේ අතර පසුගිය සති අන්තයේ දකුණු ගාසා තීරයේ සිදු වූ පිපිරීමකින් ඊශ්‍රායල සොල්දාදුවන් 8 දෙනෙක් මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.

එය පසුගිය ජනවාරි මාසයෙන් පසු ඊශ්‍රායල හමුදාව මුහුණදුන් බරපතළ ම ප්‍රහාරය බවට එය වාර්තා වේ.