සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක කිරීමට යන විශේෂ පුහුණු වැඩසටහනක්

Report

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) දින ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත. මෙහිදී නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බවට අවධාරණය කර ඇත.

එසේම තොරතුරු යටිතල පහසුකම ක්‍රියාත්මක වන සියලු ආයතනවලට සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ රජයේ වැදගත් තොරතුරුවලට ප්‍රවේශය ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

රාජ්‍ය ආයතන රැසක කරන්න යන වෙනස - ළඟදිම මේ තනතුරු

රාජ්‍ය ආයතන රැසක කරන්න යන වෙනස - ළඟදිම මේ තනතුරු

මේ වෙනුවෙන් අදාළ ප්‍රතිපත්තිමය තීරණය දැනටමත් ගෙන තිබෙන අතර, මෙම වසර අවසාන වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

එහිදී ප්‍රමුඛ රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය මඟින් විගණනයට ලක් කිරීමටද යෝජනා වූ බව සඳහන්.

තවද සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද, ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් වශයෙන් සැලකිය යුතු බවත්, රාජ්‍ය වෙබ් අඩෙවි විවෘත කිරීම, රැන්සම්වෙයාර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වැළැක්වීමට සහ කළමනාකරණයට මෙම නව ක්‍රමවේදය තුළින් අවස්ථාව සැලසෙන බවත් වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් රාජ්‍ය ආයතනවලට තත්කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය සඳහා කරන ආයෝජනයක් වශයෙන් ද හඳුන්වා දෙයි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වර්ණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කණිෂ්ක කරුණාසේන යන මහත්වරුද, ජනාධිපති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රජයේ වැදගත් තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතන 37ක ප්‍රධානීහුද සහභාගී වී ඇත.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්