රෑට කොළඹ වෙසක් බලන්න යන අයට මෙන්න සුබ ආරංචියක්.
By Wayomi
කොළඹ නගරයේ වෙසක් සිරි නැරුඹීමට පැමිණෙන මගී ජනතාවගේ පහසුව උදෙසා රාත්‍රී කාලයේ අමතර පෞද්ගලික බස්රථ 200ක් යොදවා තිබෙනවා.
ඒ,අනුව අද (23) සිට ලබන 27 වැනිදා දක්වා යොදවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා කියා සිටියේ.
මේ අතර මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වන අතර සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙනවා.
......................................................