සා.පෙළ අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එම විභාගය එදින පෙ.ව 9 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683ක දී පැවැත්වෙනු ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර තිබෙන බවයි.
රජයේ පාසල් හා පෞද්ගලික පාසල් www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස 2025.03.15 දින සිට භාගත කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.