මරණ භූමදාන කටයුතු සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ගැසට්ටුවක්..

Srilanka Muslim Congress Dinesh Gunawardena Prime minister Sri Lanka Cabinet New Gazette
By Aruna Jul 25, 2023 03:22 AM GMT
Aruna

Aruna

Report

යම් රෝගී තත්ත්වයකට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මරණය භූමදාන කටයුතු සදහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.

විෂයභාර ඇමැති අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඊයේ (24 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

මුස්ලිම් මරණ සම්බන්ධ මරණ සහතික නිකුත් කිරීමේදී මතුව ඇති ගැටලුවක් පිළිබඳව නිලධාරීහු මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මුස්ලිම් ජාතිකයෙකු මරණයට පත් වී පැය 24ක් තුළ භූමදාන කටයුතු කළ යුතු වුවද අදාල මරණ සහතික නිකුත් කිරීමේදී සිදුවන පමාව හේතුවෙන් අවසන් කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇති බවයි මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත්තේ.

එම නිසා අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝකට දැනුම් දී ඇත්තේ, ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් අදාළ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත භූමදාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ReeCha