සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Sep 15, 2024 06:36 AM GMT
Aruna

Aruna

Report

පසු ගිය දින වල අපේ රටේ මුළු නගරයක් උදෑසන වන විට රත් කළේ එදින රාත්‍රීයේ ස්පා ආයතනයක සිදුවු බිහිසුණු සිදුවීමක් හේතුවෙනි.

මෙම සිදුවීමට අදාල ස්පා ආයතනයේ සිටි කාන්තාවන් 05දෙනෙකු මුහුණ දුන්නද එම කාන්තාවන් 05දෙනා අතරේ සිටි සුරූපීම තරුණියන් දෙදෙනා මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වූයේ බිහිසුණු අත්දැකීමක් විදදරා ගනිමින්.

මෙම සිදුවීම ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවූ ආකාරය ගැන මේ වන විට තොරතුරු හෙළිවී තිබේ.

මෙය ප්‍රධාන පුවත්පතක දක්වා තිබුණේ පහත ආකාරයටයි.

උපුටා ගැනීම :

දෙකටන ප්‍රදේශයේ එක්තරා නිවෙසකට රැස්වූ තරුණයන් පිරිසක් කිසියම් රහසිගත සාකච්ඡාවක නිරතවෙමින් සිටියහ. මේ පිරිසට නායකත්වය දුන්නේ මිස්සකය.

මිස්ක ඇතුළු පිරිස කිසියම් අපරාධයක් සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටියහ. අපේ අතේ සතේ නැහැ. මෙහෙම ජීවිතයක් වැඩක් තියෙනවද? ඉන්න ටික කාලෙ ජොලියෙ ඉන්න ඕනෙ. ඒකට යහමින් සල්ලි තියෙන්න ඕනෙ.

ඒ නිසා අපි එකතුවෙලා සල්ලි හොයන්න බලමු. මිස්සක සිය සගයන්ට යෝජනා කළේය. මේ තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිව සිටි අය වූහ.

හරිහමන් රැකියාවක් නොතිබූ නිසා මොවුන්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීම බරපතළ ගැටලුවක් විය. සල්ලි හොයන කෙටි මාර්ග ගැන මොවුන් සිතන්නේ ඒ නිසාය. මුදල් හොයන මාර්ග ගැන එකිනෙකා විවිධ අදහස් ඉදිරිපත් කළහ. මසාජ් සෙන්ටර් හැම තැනම තියෙනවා.

උන්ට මාර ඉන්කම් එකක් තියෙන්නෙ. මසාජ් සෙන්ටර් දෙක තුනකට පැනගත්තොත් අපට ලේසියෙන් සල්ලි හොයාගන්න පුළුවන්. සන්දීප් යෝජනා කළේය. ඒ යෝජනාවට තරුණයන් වැඩි දෙනෙකු කැමැත්ත පළ කළහ.

ඒක ඇත්ත ස්පාවල ඉන්න උන් හොඳට හම්බ කරනවා. ස්පාවලට එන උන්ගෙ දත් සෙට් එකම ගලවලා තමයි උන් යවන්නෙ. අපි ඒ වැඩේට අතගහමු… මිස්සක සන්දීප්ගේ යෝජනාව අනුමත කළේය.

මේ වැඩේට අපට හොඳ වාහනයක් තියෙන්න ඕනෙ. අපි කා ළඟවත් වාහන නැති නිසා හොඳ එකක් හොයාගන්න ඕනෙ. ස්පා කොල්ලකෑමට අවශ්‍ය වාහනයක් හොයා ගන්න ආකාරය ගැන කවුරුත් සිතන්නට වූහ.

“වාහන කුලියට දෙන තැනකින් එකක් ගමු. ස්පාවල ඉන්න කෙල්ලො බය කරන්න මගේ ළඟ හොඳ කඩුවක් තියෙනවා.

ඒක ලෑස්ති කර ගන්න පුළුවන්…”මිස්සක සිය සගයන්ට කීවේය.

වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකින් මෝටර් රථයක් ලබා ගැනීමේ කාර්ය සන්දීප්ට භාර දුන්නේය. පසුගිය 08වැනිදා රාත්‍රියේ සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරගත් තරුණයන් පිරිස දෙකටන නිවෙසින් පිටව ගියහ.

වෘත්තියෙන් වාහන පින්තාරුකරුවකු වූ මිස්සක පදිංචිව සිටියේ දෙකටනය. මිනිස් ඝාතනයක ප්‍රධාන සැකකරුවකු වූ මොහු කලක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අයෙකි.

බන්ධනාගාරයේදී විවිධ අපරාධකරුවන් ඇසුරු කළ මිස්සක අපරාධ විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාගෙන බන්ධනාගාරයෙන් පිට වුණේය.

අපරාධ පිළිබඳව ලැබූ දැනුම නිසා අපරාධ කිරීමට ඔහු තුළ කිසිදු බියක් තිබුණේ නැත. මිස්සකගේ උපදෙස් මත දෙල්ගොඩ ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකට ගිය සන්දීප් දින දෙකකට මෝටර් රථයක් ලබා ගත්තේය.

එක් දිනක් සඳහා රුපියල් 4500/=ක මුදලක් ලබාදෙන පොරොන්දුව මත ලබාගත් මෝටර් රථය දෙකටන නිවස වෙත රැගෙන ආවේය.

''නුවර පාරේ ඕනෙ තරම් ස්පා තියෙනවා.රෑ 12.00න් පස්සෙ අපි වැඩේට බහිමු. ස්පා තුන හතරක් සුද්ද කළාම අපිට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වෙයි.''මිස්සක සිය සගයන්ට කීවේය.

කථිකා කරගත් පරිදි 08වැනිදා රාත්‍රියේ සියලු දෙනා දෙකටන පිහිටි නිවෙසට රැස්වූහ.

ස්පා කොල්ලකෑම සඳහා අවශ්‍ය කරන කඩුවක් සහ පොලු ම`ුගුරු කීපයක් ඔවුන් රැගෙන ආහ. මිස්සක සන්දීප් ඇතුළු තරුණයන් 07 දෙනෙක් මේ අපරාධය සඳහා යෑමට සූදානමින් සිටියහ.

එදින මධ්‍යම රාත්‍රියේ පිරිස දෙකටන සිට යක්කල ප්‍රදේශය වෙත පැමිණියේය. ඒ වනවිට පිරිස හොඳ පදමට මත්ද්‍රව්‍ය පානය කර සිටියහ. ඇතැමුන් පියවි සිහිය ඉක්මවා ගොස් සිටියේය. ඒ වනවිට මධ්‍යම රාත්‍රිය ද ගෙවී යමින් තිබුණේය.

මිස්සක ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථය යක්කල බැලුම්මහර ප්‍රදේශයේ එක්තරා සම්බාහන මධ්‍යස්ථානයක් අසල නතර කළේය. “මෙතන හොඳයි වගෙ වැඩ පටන් ගන්න.

සන්දීප් උඹ ඇතුළට ගිහින් බලලා වරෙන් කව්ද ඉන්නෙ කියලා. පිරිමි ඉන්නව නම් වැඩේ අත ඇරලා දාමු.”මිස්සක සිය සමීපතම සගයාවූ සන්දීප්ට නියෝග කළේය.

මෝටර් රථය ප්‍රධාන මාර්ගයේ නතර කර තිබියදී ඉන් බැසගත් සන්දීප් සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වුණේය. මෙම සම්බාහන මධ්‍යස්ථානය රාත්‍රිය පහන් වනතුරු විවෘත කර තබන එකකි.

එහි කළමනාකාරවරයා වූයේ කාන්තාවකි. සන්දීප් යන විට එහි සිටියේ කාන්තාවන් 05 දෙනෙකු පමණි. සම්බාහන ආයතනය පරීක්ෂා කළ සන්දීප් ආපසු මෝටර් රථය වෙත දිව ආවේය. ''මචං… එතන කිසි ප්‍රශ්නයක් නැහැ වගෙ.

ගෑනු ටිකක් ඉන්නෙ. අපිට ලේසියෙන් වැඩේ කර ගන්න පුළුවන්… දැන්ම යමු…'' සන්දීප් කීවේය. ''රයිට් එහෙනම් අපි බහිමු වැඩේට එකෙක්වත් බය වෙන්න එපා…

ගිය ගමන් කෙල්ලගෙ බෙල්ලට කඩුව තියලා උන්ගෙ සල්ලි රත්තරන් බඩු සේරම ගනිල්ලා මතක තියාගන්න ඕනෙ උන් ළඟ තියන ෆෝන් ටික ගන්න…

''මිස්සක සිය සගයන්ට කීවේය. සැනෙකින් ක්‍රියාත්මක වූ පිරිස මෝටර් රථයෙන් බැස සම්බාහන මධ්‍යස්ථානය වෙත දිව ගියහ.

තම පහස ලබා ගැනීමට ගනුදෙනුකරුවන් පිරිසක් එන බව සිතූ සම්බාහන මධ්‍යස්ථානයේ තරුණ කාන්තාවන් ඒ සඳහා සූදානම් වූහ.

එහෙත් සිදු වුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. ''එකෙක්වත් කෑගහන්න එපා. දඟලන්න හදන්න එපා. කපනවා උඹලගෙ බෙලි. දණ ගහපියව් මෙතන…

''තියුණු මුවහත් කඩුව ලෙලවමින් මිස්සක කෑගැසුවේය. සම්බාහන මධ්‍යස්ථානයේ තරුණ කාන්තාවන් දැඩි ලෙස භීතියට පත් වූහ.

කර කියා ගන්නට දෙයක් නොමැතිව ඔවුන් අසරණ වූහ. “දීපියව් තොපි ළඟ තියන සල්ලියි රත්ත්‍රං බඩු ටිකයි…

”මිස්සකගේ නියෝග මත සන්දීප් ඇතුළු සගයන් සම්බාහන ආයතනයේ සිටි තරුණ කාන්තාවන් සතු මුදල්, රන් ආභරණ, ජංගම දුරකථන සියල්ල ඇතුළු සම්බ සකල මනාවම කොල්ල කෑහ.

“සන්දීප් ඔය සීසීටීවී කැමරාවයි මොනිටර් එකයි ගලවගනින්. පොලිසිය ඒවායෙන් තමයි අපිව අල්ල ගන්නෙ…”මිස්සකගේ උපදෙස් මත සන්දීප් සම්බාහන ආයතනයේ තිබූ සීසීටීවී කැමරා පද්ධතියම ගලවා ගත්තේය. ''අනේ අපට කරදර කරන්න එපා…

අපි දුක් මහන්සියෙන් කීයක් හරි හම්බ කරගන්නෙ. අපි හොයාගන්න මේ සොච්චම අරගෙන කරදර නොකර යන්න.''ස්පා එකේ සිටි කෙල්ලන් ආයාචනා කරන්නට වූහ.

තරුණ කාන්තාවන් මේ ස්පා ආයතනවල සේවයට එන්නේ කරන්නට දෙයක් නැති කමටය. අනන්ත වූ දුක්ඛ දෝමනස්සයන්ට මැදිව දුක් විඳින අහිංසක කාන්තාවන් මේ රැකියාව කරන්නේ දැඩි පිළිකුලෙන් යුතුවය.

තම දරුවන්ගේ කුස පුරාවාලන්නට උන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට කිසියම් මුදලක් උපයා ගන්නට මේ ජරාජීර්ණ වූ රැකියාවට මොවුන් පෙළඹී සිටිති.

කාමුක පිරිමින්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර දුක් මහන්සියෙන් උපයා ගත් සේසතම කොල්ල කා ගත් මිස්සක ඇතුළු මැරයන් ආපසු යන්නට සූදානම් වූහ.

“ඒයි මෙතන මරු කෑලි ටිකක් ඉන්නවනෙ. දෙතුන් දෙනෙක් අරන් ගියොත් අපට ජොලියක් දාන්න පුළුවන්.”සන්දීප් යෝජනා කළේය.

ඒ වනවිට මිස්සක ද තරුණ කතුන් දෙස ගිජු බැල්මක් හෙළමින් සිටියේය. “උඹට නොකිව්වට මටත් ඒකම හිතුනා මරු කෑලි දෙකක් ඉන්නවා. අපි අරගෙන යමු…

දැන් සල්ලිත් තියනවනෙ…”මිස්සක ද සන්දීප්ගේ යෝජනාවට කැමති වුණේ ය. ඒ වනවිට මේ පාපතරයන් සියලු දෙනා සිටියේ අසිහියෙන් යුතුවය. මත්ද්‍රව්‍ය පානය කර ඔවුන්ගේ සිහිය විකල් වී තිබිණි.

“උඹලා කෑගහන්න හදන්න එපා. කලබල කරන්නෙ නැතිව අතන තියන කාර් එකට නැගපල්ලා, අපිට තියනවා උඹලා එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න…

'මිස්සක ස්පා ආයතනයේ සිටි සුරූපී තරුණියන් දෙදෙනෙකු වෙත කඩුව අමෝරමින් කෑගැසුවේය. “අනේ අයියෙ අපට කරදර කරන්න එපා. සල්ලි අරන් යන්න. අපිට මෙහෙම ඉන්න දෙන්න. අපිට බයයි…

”අහිංසක තරුණියන් හඬා වැළපුණේය. එහෙත් ඒ පාපතරයන්ගේ අනුකම්පාව ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැත. මිස්සක සන්දීප් ඇතුළු මැරයන් ස්පා ආයතනයේ සිටි සුරූපිම තරුණියන් දෙදෙනා බලහත්කාරනේ ඇදගෙන ගොස් මෝටර් රථයට දමා ගත්හ.

අපි වෙන දවසක ඉතුරු ස්පාවලට පනිමු. අද මේ වැඩේ කරලා ඉමු. මෙහෙම චාන්ස් එකක් ආයෙ ලැබෙන්නෙ නෑනෙ. මෙන්න අලුත්ම ගේම..සැපයි…සල්ලියි…

දෙකම එකට කොල්ලකන ස්පා ගේම්මිස්සක සගයන්ට කීවේය. කුඩා මෝටර් රථය පොල් පැටෙව්වාක් මෙන් විය. මිස්සක ඇතුළු 7 දෙනාට අමතරව ස්පා ආයතනයේ තරුණියන් දෙදෙනා ද මෝටර් රථය තුළ වූහ.

ඒ වනවිට අහිංසක තරුණියන් දෙදෙනා අන්ත අසරණව සිටියහ. ව්‍යාඝ්‍රයන් රැලකට මැදිවූ මුව පොව්වන් දෙන්නෙකු සේ අසරණව සිටි තරුණියන් දෙදෙනාට හඬා වැළපෙනවා හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් ඉතිරිව තිබුණේ නැත.

දැඩි කාම පිපාසාවෙන් සිටි පාපතරයන් පිරිස මෝටර් රථය තුළදී මේ අහිංසක තරුණියන් දෙදෙනාට විවිධ ලිංගික අතවර කරමින් සිය පහත් ආශාවන් සන්තර්පනය කර ගත්හ. මෝටර් රථය දෙකටන ප්‍රදේශය වෙත ඉගිල ගියේය.

“මං දන්න ගෙයක් තියනවා දෙකටන. ඒ ගෙදර ඉන්න එකා හැමදාම රෑට හොඳටම බීලා නිදා ගන්නවා. මිනිහා විතරයි ගෙදර ඉන්නෙ. අපි එහෙට යමු…”මිස්සක සිය සගයන්ට කීවේය. පාපතරයන් රංචුව රැගත් මෝටර් රථය දෙකටනට එනවිට අලුයම 2.00ට පමණ වී තිබුණේය.

දෙකටන පාලු නිවෙසට යනවිට එහි හිමිකරු සිටියේ සුව නින්දේය. දෛනිකව අධික ලෙස මත්පැන් පානය කිරීම ඔහුගේ පුරුද්දක් විය. එදින ද පියවි සිහිය යනතුරු මත්පැන් පානය කර ඔහු නිදා සිටියේය.

“ඔය කෙල්ලො දෙන්න අරගෙන සද්ද නොකර වරෙල්ලා… ගෙදර අයිති එකා ඇහැරුණොත් අපට යන්න වෙනවා.මිස්සක සිය පාපතර සගයන්ට කීවේය.

තරුණියන් දෙදෙනාගේ ගෙලට කඩුව තබා තර්ජනය කළ සන්දීප් ඔවුන් නිවෙස තුළට රැගෙන ගියේය. “තොපි දෙන්නා කෑ ගැහුවොත් මෙතනම බාවනවා.

දන්නවනෙ අපේ හැටි. මිස්සක අයිය හත් අට දෙනෙක් බාවලා හිරේ ගිහින් ආව එකෙක්. ඒ නිසා එයාට උඹල දෙන්නා ලොකු නෑ.”සන්දීප් තරුණියන්ගේ කනට කර එසේ කියමින් තර්ජනය කළේය.

ඒ පාපතරයන් එදින රැය පහන් වන තුරුම සුරූපී තරුණියන් දෙදෙනා මාරුවෙන් මාරුවට සමූහ දූෂණයට ලක් කළහ. පාපතරයන්ගේ පහත් කාමුක ආශාවන් සන්තර්පනය කරගැනීමට ඉඩ දී නිහඬව සිටිනවා හැරෙන්නට තරුණියන් දෙදෙනාට තවත් කළ යුතු යමක් ඉතිරිව තිබුණේ නැත.

මත්ද්‍රව්‍ය පානය කර විකල් වූ මනසින් සිටි පාපතරයන් රැල රැය පහන් වන තුරුම අහිංසක තරුණියන් දෙදෙනා සිය ග්‍රහණයට ගනිමින් සිය ආශාවන් ඉටුකර ගත්හ.

9වැනිදා අලුයම නිවෙස් හිමියා හදිසියේම අවදි වුණේය. ඒ වනවිට නිවස තුළ හත්අට දෙනකු සිටිනු දැක දැඩි ලෙස කෝපයට පත් වුණේය.

මිස්සක නිවෙස් හිමියාගේ මිතුරකු වුව ද තමන්ට නොදන්වා මේ ආකාරයට නිවස තුළට පැමිණීම බලහත්කාර කමක් ලෙස ඔහුට සිතුණේය.

“උඹලා කාගෙන් අහල ද මේ ගෑනු අරන් ගෙට රිංගුවෙ. බැහැපියව් එළියට නැත්නම් මං පොලිසියට කෝල් කරනවා.”නිවෙස් හිමියාගේ ගෝරනාඩුව එන්න එන්නම වැඩි විය.

තවදුරටත් මේ නිවසේ රැඳී සිටීම අවදානම් බව තේරුම් ගත් මිස්සක සිය සගයන් සමග නිවසින් පිට වුණේය. ''අපි මෙතැනින් මාරු වෙමු. මේකා පොලිසියට කිව්වොත් සේරම ඉවරයි.

අපි යමු අපේ ගෙදර. මේ කෙල්ලො දෙන්නව කොහෙහරි තියා ගන්නත් ඕනෙ.''මිස්සක කීවේය. ඒ වනවිට තරුණියන් දෙදෙනා දැඩි ලෙස පීඩනයට ලක්ව අන්ත අසරණ වී සිටියේය.

රැය පහන් වනතුරුම විකෘති මානසිකත්වයෙන් සිටි පාපතරයන්ගේ විවිධ හිංසනයන්ට ලක්වෙමින් සිටි අහිංසක තරුණියන් දෙදෙනාට හඬා වැටෙනවා ඇරෙන්න කළ යුතු වෙනත් යමක් ඉතිරිව තිබුණේ නැත.

තරුණියන් දෙදෙනා නැවත මෝටර් රථයට දමා ගත් මිස්සක ඇතුළු සහචරයන් පිරිස කඳුබොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත ආහ.

ඒ නිවසේ මිස්සක දන්නා හඳුනන කාන්තාවක් විය. සිදුවූ සියල්ල මේ කාන්තාවට පැවැසූ මිස්සක තරුණියන් දෙදෙනා රඳවාගන්නා ලෙස ඇයට උපදෙස් දුන්නාය.

මුන් දෙන්නා පැනලා යන්න හදයි හොඳට බලා ගනින්. අපි ඒවට උඹට ගෙවනවා.මිස්සක ඇතුළු පිරිස තරුණියන් දෙදෙනා කාන්තාවට භාරදී නිවසින් පිටව ගියහ.

''අනේ අක්කෙ අපිට යන්න දෙන්න අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. ඔයත් ගෑනියෙක්නෙ. අපි දෙන්නා වැටිලා ඉන්න අසරණ කම ගැන ටිකක් හිතන්නකො.

තරුණියන් දෙදෙනා කාන්තාව ඉදිරියේ හඬා වැටෙමින් තමන් නිදහස් කර යවන ලෙස ඉල්ලා සිටියෝය. ''උඹලට පිස්ස ුද මිස්සක අයියගෙ නියෝගවලට පිටින් මට යන්න බැහැ.

මාත් ගෑනියෙක් තමයි. ඒත් මට උඹලට වැඩිය මිස්සක අයියා ලොකුයි. ඒ නිසා මෙතන ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව පාඩුවේ හිටපල්ලා.

''කාන්තාව තරුණියන් දෙදෙනාට තර්ජනය කළාය. ඔවුන් දෙදෙනා කාමරයක හිර කළ කාන්තාව මිස්සකගෙන් පණිවිඩයක් ලැබෙන තුරු බලා සිටියාය.

ඒ වනවිට මිස්සක ඇතුළු සහචරයන් පිරිස කඳුබොඩ නගරයට පැමිණ සිටියහ. “මිස්සක අයියෙ අපි මේ කෙල්ලො දෙන්නා දවස් දෙක තුනක් තියා ගමු.

අපිට ෆුල් ජොලියක් දාන්න පුළුවන් අනික මේ වගේ චාන්ස් එකක් හම්බ වෙන්නේ නෑනෙ.”එකකු මිස්සකට යෝජනා කළේය. ‘උඹට පිස්සුද?

මුන් දවස් දෙක තුනක් තියා ගත්තොත් හොඳට හිටියි. හෙට වෙද්දි පොලිසිය අපි පස්සෙ පන්නයි. මේ වැඩේ කළාට දැන් තමයි මටත් ඒකෙ බරපතළ කම තේරෙන්නෙ.

අපි එළිවෙද්දි කෙල්ලො දෙන්නව අත අරිමු. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.’ මිස්සක සිය සගයන්ට කීවේය.

ඒ වනවිට මේ පාපතරයන් පිරිස ස්පා ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වටිනාකමෙන් යුත් මුදල් සහ රන් ආභරණ කොල්ලකා ගෙන තිබිණි.

මේ අතර තරුණියන් සතු ක්‍රෙඩිට් කාඩ් පත් කීපයක් ද ඔවුන් රැගෙන ගොස් තිබුණේය. වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී මිස්සක සගයන් කීප දෙනකු ද සමග කඳුබොඩ නිවස වෙත ආවේය.

කෝ අර කෙල්ලො දෙන්නා දීපං අපි උන්ව කොහෙට හරි ඇරලවනවා. උන් දෙන්නව බලා ගත්තට උඹට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දෙනවා.

ඕන කරන බඩුවක් මුට්ටුවක් ගනින්. කොල්ලකන ලද ක්‍රෙඩිට් කාඩ්පතක් කාන්තාව අත තැබූ මිස්සක තරුණියන් දෙදෙනා ද රැගෙන මෝටර් රථයෙන් පිටව ගියේය.

වැලිවේරිය නගරය වෙත තරුණියන් දෙදෙනා රැගෙන ආ පාපතරයන් පිරිස ඔවුන් දෙදෙනා මෝටර් රථයෙන් බැස්සුවෝය. “මේ නංගි උඹලට හොඳින් කියන්නෙ මේ වෙච්ච දේවල් ගැන පොලිසියට එහෙම කියලා තිබුණොත් උඹලට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ.

ඒ නිසා මොකුත් නොවුණ විදිහට සද්ද බද්ධ නතර කරලා ඉඳපල්ලා.තරුණියන් දෙදෙනාට තර්ජනය කළ මිස්සක මෝටර් රථයේ නැගී පලා ගියේය.

09 වැනිදා උදෑසන වනවිට මුළු යක්කලම ගිනිගෙන තිබුණේය. බැලුම්මහර ප්‍රදේශයේ ස්පා ආයතනයකට සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී එහි දේපොළ කොල්ල කා තරුණියන් දෙදෙනෙක් පැහැරගෙන යෑමේ සිද්ධිය ප්‍රදේශයම උණුසුම් කරවීමට සමත් විය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් අධිකාරි චින්තක පීරිස් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ.

කොල්ලයටත් වඩා තරුණියන් දෙදෙනා පැහැරගෙන යෑම ඉතාම බරපතළ සිදුවීමක් විය. ඒ වනවිට පැහැරගෙන ගිය තරුණියන් පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය.

මේක හොඳට ඕගනයිස් වෙලා දුන්න ගේම් එකක්. අපි ස්පා එක අවට සී.සී.ටී.වී. චෙක් කරන්න ඕනෙ ටෙලි ෆෝන් ඩීටේල්ස් ගන්න. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා යක්කල පොලිසියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

09වැනිදා පෙරවරුවේ පැහැර ගැනීමට ලක්වූ තරුණියන් දෙදෙනා යක්කල පොලිසිය හමුවේ පෙනී සිටියහ. ඔවුන් දෙදෙනා හඬා වැටෙමින් තමන්ට අත්විඳීමට සිදුවූ බිහිසුණු සිදුවීම් සියල්ල එකින් එක හෙළි කරන්නට වූහ.

පොලිස් අධිකාරි චින්තක පීරිස් මහතා ද ඒ වනවිට යක්කල පොලිසිය වෙත පැමිණ සිටියේය.

කෙසේ හෝ මෙම පාපතරයන් කල්ලිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ඒ වනවිට පොලිසිය ගනිමින් සිටියේය මේ සාහසික අපරාධය කළ පාපතරයන් පිළිබඳ මුල්ම තොරතුර ලැබෙන්නේ ඔය අතර තුරදීය.

ස්පා ආයතනයේ සිටි තරුණියකගේ ක්‍රෙඩ්ට් කාර්ඩ් පතක් කොල්ල කල්ලිය විසින් රැගෙන ගොස් තිබිණි.

ඒ ක්‍රෙඩිට් කාර්ඩ් පත උපයෝගී කරගෙන කිසියම් පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකින් වොඩ්කා මත්පැන් බෝතලයක් මිලදී ගත් බවට කෙටි පණිවිඩයක් එම ක්‍රෙඩිට් කාර්ඩ් පත හිමි තරුණියගේ ජංගම දුරකථනය වෙත ලැබුණේය.

මේ සෙට් එක දොම්පේ ඒරියා එකේ කරක් ගහනවා ඇති. දැන්ම ටීම් එකක් දොම්පෙට යවන්න. ප්‍රමාද වුණොත් අපිට මුන්ව කොටු කර ගන්න බැරි වෙනවා.

පොලිස් අධිකාරි චින්තක පීරිස් යක්කල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මොහොතේම දොම්පේ නගරය වෙත පිටත් කර යැවීමට කටයුතු කළේය. උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් දොම්පේ ප්‍රදේශයට යනවිට සංවිධානාත්මක පිරිස එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් සිටියහ.

මේ පාපතරයන් කල්ලිය පිළිබඳව පොලිසිය දොම්පේ ප්‍රදේශය පීරමින් තොරතුරු සොයන්නට වූහ. මේ අතරතුර දෙල්ගොඩ නගරයේ සතොස අලෙවි සලෙන් භාණ්ඩ මිලදී ගත් බවට කෙටි පණිවිඩයක් නැවත එම ක්‍රෙඩිට් කාඩ්පත හිමි තරුණියගේ ජංගම දුරකථනය වෙත ලැබුණේය.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඒ පිළිබඳව උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වරට දැනුම් දුන්නේය. පොලිස් කණ්ඩායම දෙල්ගොඩට එද්දී එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා අතුරුදන්ව සිටියේය.

ඒ වනවිට යක්කල පොලිසියේ ස්ථානාධිපති අතුල ගමගේ සහ උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර තම පෞද්ගලික ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් මෙම සංවිධානාත්මක කල්ලිය පිළිබඳ තොරතුරු රැසක් ලබාගෙන සිටියහ.

මේ පිරිස භාණ්ඩ මිලදී ගත් සුපිරි වෙළෙඳසල්වල සීසීටීවී පරීක්ෂා කර ඔවුන්ගේ ඡායාරූප පවා ලබා ගැනීමට පොලිසිය සමත්ව සිටියහ.

සතොසෙන් භාණ්ඩ මිලදී ගෙන තිබුණේ කාන්තාවන් දෙදෙනෙකු විසින්ය. සීසීටීවී දර්ශනවල සිටි එම කාන්තාවන් දෙදෙනාගේ ඡායාරූප ලබාගත් පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී නගරය පීරන්නට වූහ. “මුන් දෙන්නා තවම ටවුන් එකේ ඉන්න ඕනෙ.

පනින්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි ප්‍රමාද වෙන්න හොඳ නෑ”ප්‍රභාෂ්වර සිය නිලධාරීන්ට කීවේය. පොලිසියේ සැලසුම සාර්ථක විය. කාන්තාවන් දෙදෙනා නගර මධ්‍යයේ සිටියදී සොයා ගැනීමට හැකි විය.

පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී දැඩි විරෝධයක් පළකර සිටියහ. “මොකට ද අපිව අල්ලන්නෙ අපි මේ කිසිදේකට සම්බන්ධ නැහැ.

අපි යනවා මානව හිමිකම් එකට”කාන්තාවන් කෑගසන්නට වූහ. එහෙත් පොලිස් නිලධාරීන් සන්තකයේ සීසීටීවී දර්ශනවල ඡායාරූප පෙන්වීමෙන් පසු කාන්තාවන් දෙදෙනා නිසොල්මන් වූහ.

“කොහෙද ස්පා කොල්ලෙට සම්බන්ධ අය ඉන්නේ? අපිට උන් ඉන්න තැන පෙන්වපල්ලා. නැත්නම් වැඩ වරදින්න පුළුවන්”පොලිස් නිලධාරීන් ගෝරනාඩු කරන්න වූහ.

අවසානයේ කාන්තාවන් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන සිටි නිවස වෙත පොලිස් නිලධාරීන් රැගෙන ගියහ. කාන්තාව මිස්සක ගැන සියලු තොරතුරු හෙළි කළාය.

ඒ නිවසේ සිටි ස්පා කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ. “තමුන් මිස්සක එක්ක තියන සම්බන්ධය මොකක්ද?

තමුන් කවුද?”පොලිසිය මිස්සකගේ නිවසේ සිටි කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. “සර් මම නයිට් ක්ලබ්වල වැඩ කරනවා. සන්දීප් මගෙ හොඳ යාළුවෙක්.

එයා තමයි මාව මිස්සක අයියගෙ ගෙදර නතර කළේ. පස්සෙ මිස්සක අයියා මට යන්න දුන්නෙ නැහැ. එයා මාව තියාගෙන ඉන්නවා.

මේක මිස්සක අයියගෙ අයියගෙ නෝනත් දන්නවා. එයා මිස්සක අයියට තියන බව නිසා සද්ද නැතිව ඉන්නවා. මට කන බොන දේවල් පවා ගෙනත් දෙන්නෙ මිස්සකගෙ නෝනා…

”කාන්තාව තම පැටිකිරිය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියාය. මේ අතර යක්කල පොලිසියේ නිලධාරීන් මිස්සක පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා තිබුණේය. මිනීමැරුමට අමතරව තවත් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් මිස්සකගේ ගිණුමට බැර වී තිබිණි.

මීට මාස කීපයකට උඩදී අතුරුගිරිය ප්‍රදේශයේද මේ ආකාරයටම ස්පා ආයතනයකට කඩාවැදී මුදල් කොල්ලකා තරුණියන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියකටද මිස්සක ඇතුළු පිරිස සම්බන්ධ වූ බව හෙළි විය.

මේ වනවිට මිස්සක සන්දීප් ඇතුළු පාපතරයන් සිව්දෙනා ආගිය අතක් නැත.

පොලිසිය ඔවුන් ලුහුබඳිමින් සිටිය ද ඒ කිසිවකු පිළිබඳ තොරතුරක් නොමැත. මෙවැනි අපරාධ කරන පාපතරයන්ට නිදහසේ සිටීමට කෙසේවත් ඉඩදිය යුතු නැත.

තම අම්මා, බිරිඳ,සහෝදරියන් නොහඳුනන මෙවැනි පාපතරයන්ට නිසි දඬුවම් ලබාදිය යුතුය. 

උපුටා ගැනීම අවසන්: