ස්පා එකට ගිය 07ක් සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන යයි.. පාළු නිවසක තියාගෙ කරපු දේ මාට්ටු වෙයි..අවසානයේ තරුණියන්ට වෙච්ච දේ.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Sep 11, 2024 02:55 AM GMT
Aruna

Aruna

Report

යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී දේපොළ කොල්ල කා එහි සිටි සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිර කර ගෙන එම තරුණියන් දූෂණය කළ බව කියන හත්දෙනකුගේ කල්ලියේ සැකකරුවන් සිව්දෙනකු යක්කල පොලිසිය මගින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම සංවිධානාත්මක කල්ලිය තරුණියන් පැහැර ගෙන යෑමට යොදාගත් මෝටර් රථයද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

තරුණියන්ට මරණීය තර්ජන එල්ල කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය පාවිච්චි කළ කඩුවක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)


මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන්වන අතර ඔවුහු දෙකටන, වැලිවේරිය, කඩවත ප්‍රදේශවල පදිංචිකරුවෝ වනවා.

මෙම සංවිධානාත්මක කණ්ඩායමට ආධාර උපකාර කළ කාන්තාවක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන අන්දමට හත්දෙනකු ගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලිය මෙම සම්බාහන මධ්‍යස්ථානයට කඩා වැදී ඇත්තේ පෙරේදා (09 වැනිදා) අලුයම 1.00ට පමණ බවයි.

සම්බාහන මධ්‍යස්ථානයේ සිටි තරුණියන්ට මරණීය තර්ජන එල්ල කළ පිරිස ඔවුන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වටිනාකමෙන් යුත් රන් ආභරණ, ජංගම දුරකථන සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ලකා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව මෙම සංවිධානාත්මක කල්ලිය සම්බාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් අතරින් රූමත් තරුණියන් දෙදෙනකු තෝරා ගෙන ඔවුන් පැහැර ගෙන මෝටර් රථයෙන් මීගහවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.

එම ප්‍රදේශයේ පාළු නිවසකට මෙම තරුණියන් රැගෙන ගිය සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් හත්දෙනා රැය පහන් වන තුරුම තරුණියන් දෙදෙනා සිර කර ගෙන ඔවුන්ට තර්ජනය කරමින් වරින්වර දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඊයේ පෙරවරුවේදී මෙම පිරිස තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන දොම්පේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබෙන බවද වාර්තා වේ.

එම නිවසේ කාන්තාවක සිට ඇති අතර සංවිධානාත්මක පිරිස ඇයට මෙම තරුණියන් දෙදෙනා භාරදී පිටව ගොස් ඇත. එම කාන්තාව තරුණියන් දෙදෙනා සිය නිවසේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දෙයක් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දෙයක් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..


තරුණියන් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙම කාන්තාව විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති බවද පොලිසිය පවසනවා.

ඊයේ දහවල් නැවත එම නිවසට පැමිණි සංවිධානාත්මක කල්ලිය තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන වැලිවේරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළකට ගෙන ගොස් අතහැර දමා පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම තරුණියන් දෙදෙනා ඊයේ සවස යක්කල පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

අද සිට පාසල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..යළි විවෘත කරන්නෙ 24 වෙනිදා..එම පාසල් මෙන්න.

අද සිට පාසල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..යළි විවෘත කරන්නෙ 24 වෙනිදා..එම පාසල් මෙන්න.


සැකකරුවන් හත්දෙනකුගේ අතවරයට සහ හිංසනයට ලක්වූ තරුණියන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් අධිකාරි චින්තක පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පවත්වනු ලැබේ.