සිකුරාදා සහ සෙනසුරාදා සෝල් නගරයට පැමිණෙන්න එපාලු!

Report

ලබන සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාව සඳහා විවෘත නොකරන බව එම කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙයට හේතුව වන්නේ දකුණු කොරියාවේ සෝල් අගනුවර ඇතිවිය හැකි නොසන්සුන් තත්ත්වයකි. තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි අවශ්‍යතාවක් නොමැති නම් එම දිනවල සෝල් නගරයට පැමිණීම අවම කරන ලෙසයි.

එසේම, හදිසි අවස්ථාවකදී 02-735-2966, 02-735-2967 සහ 02-794-2968 යන දුරකථන අංකවලට ඇමතුම් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?

ජපානයට ඉතා දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් -ලංකාවට බලපෑමක්?