App storesවලින් DeepSeek ඉවත් කෙරේ ..

By Piyumika Feb 20, 2025 03:01 PM GMT
Report

 ප්‍රමිතීන් සමාලෝචනය කරන තෙක් දකුණු කොරියාව විසින් DeepSeek හි කෘත්‍රිම බුද්ධි බලයෙන් ක්‍රියාත්මක වන චැට්බෝට් බාගත කිරීම චීන අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දකුණු කොරියාව පවසන්නේ, DeepSeek හි R1 චැට්බෝට් පුද්ගලික දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූල වීමට අපොහොසත් වූ බව Hangzhou හි සමාගම විසින් පිළිගැනීමෙන් පසුව Apple හි App Store සහ Google Play වෙතින් ඉවත් කළ බවයි.

ඇග හිරි වැටෙන අනාවරණයක්..මේ රස්නෙට වතුර උගුරක් බොන්න කියලා බෝතල් කල වතුර බොන්නේ බලාගෙනයි..

ඇග හිරි වැටෙන අනාවරණයක්..මේ රස්නෙට වතුර උගුරක් බොන්න කියලා බෝතල් කල වතුර බොන්නේ බලාගෙනයි..

මේ අතර දකුණු කොරියාවේ පුද්ගලික තොරතුරු ආරක්ෂණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ DeepSeek යෙදුම බාගත කිරීම අත්හිටුවීමේ තම යෝජනාව පිළිගත් බවයි.

කෙසේවෙතත් දැනටමත් යෙදුම බාගත කර ඇති අය සඳහා chatbot තවමත් පවතින බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා DeepSeek වෙතින් කළ ඉල්ලීම් සඳහා මෙතෙක් ඔවුන් ප්‍රතිචාර දක්වා නොමැති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

You may like this video