තෛපොංගල් සමරන්න හැටන් ආවා ඉන්දීය නිළියෝ - (PHOTO)

Report

හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදී පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහා, දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු අද හැටන් වෙත පැමිණ තිබුණි.

මෙලෙස එම උත්සවයට එක්ව සිටියේ අයිශ්වර්යා රාජේශ්, අයිශ්වරයා දත්තා, සංයුක්තා, මීනාච්චි නමැති ජනප්‍රිය රංගන ශිල්පිනියන් පිරිසකි.

විදුර වික්‍රමනායක සහ ජීවන් තොණ්ඩමන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

තෛපොංගල් සමරන්න හැටන් ආවා ඉන්දීය නිළියෝ - (PHOTO) | South Indian Beautiful Actresses Have Arrived

මෙම ජාතික තෛපොංගල් දින උත්සවයේදී දමිල ජනතාව විසින් නැවුම් මුට්ටිවල කිරිබත් 1008 ක් පිළියෙළ කර ඇති අතර, එයට සමගාමීව කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කර තිබේ.

Sponsored By Sarrita Jewellery

තෛපොංගල් සමරන්න හැටන් ආවා ඉන්දීය නිළියෝ - (PHOTO) | South Indian Beautiful Actresses Have Arrived