උපන් දිනය දා රාත්‍රී ආහාරයට කොස් ගෙඩියක් කැඩූ මවට අමානුෂිකව පහර දුන් පුතා.- (VIDEO)
By Wayomi
මොනරාගල, දොඹගහවෙල පොලිස් බලප්‍රදේශයට අයත් හෙරලි ගස්යාය ප්‍රදේශයේ දී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මවට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දී තිබෙනවා.
පහරදීම නිසා අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මේ වනවිට අදාළ මව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර කළ අතර පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩම ද ලබා දී ඇති අතර මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන වෙනවා ජීවත් වෙනවා.
රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට විදුලි පන්දමකින් පහර දී ඇති අතර ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.