මොරටු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගැටලුවලට විසඳුම්.

By Hashini Sep 14, 2023 09:40 AM GMT
Report

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ විභාග අභ්‍යන්තරික නීති රීති සම්පාදනය කිරීමේදී සිසුන් මුහුණ දෙන ගැටලුවට සතියක් ඇතුලත විසඳුමක් ලබා දෙන බව පවසා තිබෙනවා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත මොරටුවේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන් පිරිසක් හමුවිමීදී මේ බව පවසා ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවට විරෝධතාව හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු අතර යුධ හමුදාව, කැරලි මර්ධන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබුණු බව සඳහන්.