මාලිමා අයවැයට පක්ෂව චන්ද දුන් සොහරාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි - දුක සැප බලන්න බල්තසාර් ගෙදර යයි
පසුගිය කොළඹ මහනගර සභා අයවැය ඡන්ද විමසීමේදී පාලක කණ්ඩායමට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) කොළඹ මහනගර සභා මන්ත්රිනී සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
මෙම සිදුවීමෙන් පසු ඇයගේ සුවදුක් බැලීමට කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මිය ඇගේ නිවසට ගොස් ඇති අතර, සොහාරා බුහාරි මහත්මිය තම ෆේස්බුක් ගිණුමේ ඊයේ (01) සටහනක් තබමින් මෙසේ ප්රකාශ කර ඇත.
“අද දින මගේ සූව දුක් සොයා බැලීමට නිවසට පැමිණි ගරු නගරාධිපතිනිය ඇතුළු ගරු නාගරික මන්ත්රීවරුන් හා මන්ත්රීවරියන්ට මාගේ ස්තුතියි.”
පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් සිය පක්ෂ සාමාජිකයන්ට අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලෙස පෞද්ගලිකව උපදෙස් දී තිබියදීත්, බුහාරි මහත්මිය කොළඹ මහනගර සභා අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් වේ.
මෙම හැසිරීම “පක්ෂ විනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස සඳහන් කරමින් පක්ෂය ඇගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති අතර, සාමාජිකත්වය අවසන් කිරීම ඇතුළු විනය ක්රියාමාර්ග නොගත යුත්තේ මන්දැයි පැහැදිලි කරමින් සතියක් ඇතුළත දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කරන ලෙස එම ලිපියෙන් බුහාරි මහත්මියට නියෝග කර තිබේ.මෙම සිදුවීම ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය තුළ ඇති වූ දේශපාලන බෙදීම් පිළිබිඹු කරන අතර, ඉදිරියේදී ඇයගේ පක්ෂය තුළ තත්ත්වය කෙසේ වෙනස් වේද යන්න බලාපොරොත්තු වේ.

